Tuesday, May 19, 2015

අයින්ස්ටයින්, නිව්ටන් සහ පැස්කල් කියන තුන්දෙනා පොඩි ගමනක් ගියාලු.

අයින්ස්ටයින්, නිව්ටන් සහ පැස්කල් කියන තුන්දෙනා පොඩි ගමනක් ගියාලු.
අයින්ස්ටයින් කව්වලු අපි හැංගිමුත්තන් කරමු කියලා, දෙන්නම කැමති වුනාලු ඉතින්
ඔන්න අයින්ස්ටයින් ගනන් කරනවලු.."එක.. දෙක.. තුන.."
පැස්කල් හනිකට දුව ගොස් සැඟවිනි
ඒත් නිව්ටන් කරේ කෝටු කෑල්ලක් අරගෙන එතන කොටුවක් ඇඳපු එකලුඔන්න අයින්ස්ටයින් ගනන් කරලා ඉවර වෙලා කිව්වලු "මන් ගනන් කරලා ඉවරායි ඔන්න හොයන්න එනෝ" කියලා
වැඩේ කියන්නෙ නිව්ටන් කොහෙවත් හැංගිලා නැහැලු අයින්ස්ටයින් ඉස්සරහම ඉන්නවලු මොකාද වගේ.
අයින්ස්ටයින් නිව්ටන්ට ඇඟිල්ල දික් කරලා කිව්වලු "මං ඔහේව හොයාගත්තා" කියලා.

නිව්ටන් ගත් කටටම කිව්වලු, "නෑ ඔයාට වැරදිලා ඔයා හොයාගත්තෙ පැස්කල්ව, මොකද ඔයා වර්ග මීටර් එකකට එක නිව්ටන් එකක් හොයාගත්තා"
ඒ කියන්නෙ එක පැස්කල් එකක්

වර්ග මීටර් එක කියලා පෙන්නුවෙ නිව්ටන් ඇදපු අර කොටුව,
(දිග මීටර් 1, පලළ මීටර් 1, බෙදනවා නිව්ටන් එකෙන් = පැස්කල් එකයි)

No comments:

Post a Comment