Tuesday, May 19, 2015

ඩෙනිම් කලිසම් හෝදන්න එපා..

image

ලොව ප්කට ඇඳුම් සමාගමක් වන Levi Strauss (Levis) සමාගමේ හිමිකරු ‘චිප් බර්ග්‘ ඩෙනිමක් සේදිය යුතු කාල පරිච්ඡේදය පිළිබඳ අපූරු හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. 56 හැවිරිදි චිප් බර්ග් ෆෝචූන් සගරාව විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හෙලිකර තිබුණේ තමාගේ ප්‍රියතම ඩෙනිම් කලිසම අවුරුද්දකින්වත් සෝදා නොමැති බවයි.

‘‘මම දන්නවා ඒක පිළිකුල් සහගතයි කියලා..නමුත් මම කියන්න ඕනේ මට තාම සමේ රෝග නම් මුකුත් හැදිලා නැහැ‘‘

එහිදි Levis ඩෙනිම් කලිසමේ නිර්මාතෘවරයා ප්‍රකාශ ඇත්තේ ඩෙනිම් නිතර සේදීමෙන් වැලකී සිටිය යුතු බවයි. එමෙන්ම ඩෙනිමක් නම් එය වතුරෙන් හා සබන් වලින් ඈත්කොට තබන තරමට ඩෙනිමට හොඳ බව ප්‍රකාශ කර තිබෙනවා. Levis සමාගම සිය පාරිභෝගිකයින්ට උපදෙස් ඇත්තේ ඩෙනිමක් පිරිසිදු කර ගැනීමට අවශ්‍යය නම් එය ඉටි බෑගයක් තුලට දමා ශීතකරණයේ පැය 24 ක් තබන ලෙසය. තවද Alberta සරසවිය මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඩෙනිම් කලිසමක් සේදීමෙන් තොරව මාස 15 ඇඳීමට හැකි බවයි..

No comments:

Post a Comment