කෝපි පානයෙන් ලද හැකි තවත් ප්‍රාතිහාර්යයක් The Teligraph වාර්තා කරයි. දිනකට කෝපි කෝප්ප 2ක බැගින් පානය කිරීමෙන් පිරිමින්ගේ පුරුෂ ශක්තිය වැඩි වන බව ඉන් සනාථ කෙරේ. පුද්ගලයාගේ වැඩි බර හා රුධිර පීඩන ආදී පවතින තත්වය කුමක් වුවද යහනේදී පිරිමියාගේ ක්‍රියාකාරිත්ව වර්ධනයට එය සමත් බව 4 000 කගේ සහභාගිත්වයෙන් කළ අධ්‍යයනය සනාථ කරයි.
කෝපි නොබොන අය වාර්තා කළ ලිංගික උද්දාම අක්‍රීයත්වය (erective dysfunction ) කෝපි කෝප්ප 2 ක් බොන අය සම්බන්ධයෙන් 42%කින් අඩු බව සොයා ගෙන තිබේ. කෝප්ප 3ක් පානය කළ අයගේ 39%ක අඩුවිමක් පෙන්වා තිබිණ. මේ බලපෑම පිරිමින්ගේ වැඩි බර, ස්ථුලතාව හෝ අධි රුධිර පීඩනය වැනි කරුණුවලට අදාළ නැති බවද ටෙක්සාස් සරසවිය කළ අධ්‍යයනය හෙළි කර සිටි. එහෙත් උද්දාමක අක්‍රියතා අවදානම වැඩි දියවැඩියා රෝගීන් සම්බන්ධයෙන් කෝපිවල බලපෑම අඩු අගයක් පෙන්වයි.
කෙසේ වුවද දිනකට කෝපි කෝප්ප 4 කට වැඩියෙන් පානය අනතුරුදායක බවට වෛද්‍යවරු අනතුරු අඟවති.එය අවිවේකි බවට, කම්පනයට, නින්ද නොයාමට හා උදරයේ කැලඹීමට හෙතුවෙයි. මේ අතර මිට කලින් කළ අධ්‍යයනයකින් හෙළිවන්නේ වැඩිහිටි කාන්තාවන් එක කෝපි කෝප්පයක් පමණක් පානය කිරීමෙන් ලිංගික ආශක්තිය ඉහළ ම මට්ටමකට ලඟා කර ගත හැකි බව හෙළිවී තිබේ. පිරිමින්ටද වඩාත් ඉහළ කාම ශක්තියක් ඇති කරවයි.
No comments:
Post a Comment