Tuesday, May 19, 2015

ලෝකයේ විෂ වැඩිම සර්පයන් 10 - Most Venomous Snakes In The World

මේ නූල සර්පයෝ ගැන. ලොකයේ විෂ අධිකම සර්පයන් ගැන තමයි මුලින්ම කියන්නෙ.

10. Rattlesnake

image

විෂ අධිකම සර්පයින් අතර 10 වෙනි ස්ථානයේ ඉන්නෙ මේ Rattlesnake කියන සර්පයා. ඇමරිකානු ප්‍රදේශ වල තමයි වැඩිපුර ඉන්නෙ. සේ සර්පයාව ඉතාමත් ලේසියෙන් හදුනගන්න පුලවන්. සර්පයේගේ වලිගය අග ඇති තල වැනි කොටස මගින්. මෙම සර්පයාගේ දෂ්ඨ කිරීම මගින් ශ්වසන ආබාධ, අංශබාගය වැනි තත්වයන් ඇති විය හැකිය. නමුත් නිසි ප්‍රතිකාර ලබා ගැනීම මගින් මරන අවධානමෙන් මිදීමට හැකිය.

9. Death Adder

image

9 වෙනි ස්ථානයේ ඉන්නෙ මේ Death Adder කියන සර්පයා. ඕස්ට්‍රේලියාව හා පැපුවා නිව් ගිනියා වැනි ප්‍රදේශ වලින් තමයි වැඩිපුර වාර්ථා වෙන්නෙ.
ත්‍රකෝනාකාර හිසක් පවතිනවා. මේ සර්පයා තමන්ගෙ ආහාරයට තවත් සර්පයෝ දඩයම් කරගන්නවා. මේ ලිස්ට් එකේ ඉන්න සර්පයන්වත් දඩයම් කරන අවස්ථා තියෙනවා. මේ සර්පයවාගේ එක දෂ්ඨ කිරීමකින් පැය 6ක ඇතුලත ශ්වසන අපහසුතාව නිසා මරනය අත්විය හැකියි. නමුත් නිසි අයුරින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් මියයාමේ අවධානම අවම කරගත හැක.

8. Vipers (පෙළගා)

image

විෂ අධික සර්පයන් අතර 8 වෙනි ස්තානයේ ඉන්නෙ මේ පෙළගා කියන සර්පයා. මේ සර්පයා ලෝකයේ බොහෝ රටවල් වලින් වාර්ථා වෙනවා. ලංකාවෙත් වාර්ථාවෙලා තියෙනවා. මේ සර්පයාගේ විෂ වලින් බලපෑම ඇතිවෙන්නෙ රුධිර සංසරන පද්ධතියට. නමුත් ප්‍රතිකාර ලබාගැනීමෙන් මියයාමේ අවධානම නැති කරගන්න පුලුවන්.

7. Philippine Cobra (පිලිපීනියානු නාගයා)

image

නාගයන් අතර විෂ අධිකම විෂේශය තමයි මේ පිලිපීන් නාග විශේෂය.වැඩුන සර්පයෙක් මීටර් 3ක් පමන දිගින් යුක්ත වෙනවා. මේ සර්පයාගේ දෂ්ඨ කිරීමක් මගින් මිනිත්තු 30 ක් ඇතුලත මරයනක් සිදුවිය හැකියි. ශ්වසන පද්ධතිය සා රුධිර සංසරන පද්ධතිය තමයි මේ සර්පයාගේ විසෙන් බලපෑම සිදුවන්නෙ.

6. Tiger Snake

image

විෂ අධික සර්පයන් අතර 6 වෙනි ස්තානයේ ඉන්නෙ මේ Tiger Snake කියන සර්පයා. මේ නම යොදලා තියෙන්නෙ සර්පයාගේ ශ්රීරයේ ඇති වයිරම කොටියෙකුගේ වගේ නිසා. ඕස්ට්‍රේලියාවෙන් තමයි වාර්ථා වෙන්නෙ. මේ සර්පයාගේ දෂ්ඨ කිරීමකින් විනාඩි 30 ක් ඇතුලත මරනය සිදුවිය හැකියි.

5. Black Mamba

image

පස්වෙනි ස්ථානයේ ඉන්න මේ සර්පයා තමයි ලෝකයේ වේගවත්ම සර්පයා වෙන්නෙ. පැයට කිලේමීටර් 20 වේගයෙන් ගමන් කරන් මේ සර්පයාට පුලුවන්කම තියෙනවා. අප්‍රිකානු ප්‍රදේශවලින් තමයි මේ Black Mamba වර්ථා වෙන්නෙ. විනාඩි 15 ක් වැනි කාලයක් තුල ජීවිතයක් නැති කරන්න මේ සර්පයාගේ විසට හැකියාව තියෙනවා.

4. Taipan

image

ලොකයේ විෂ අධිකම සර්පයන් අතර සිව්වෙනි ස්ථානයේ ඉන්නෙ මේ Taipan කියන සර්පයා. මේ සර්පයාගේ විස ඌරන් 12000 ක් ගේ ජීවිත නැසීමට ප්‍රමානවත්. මේ සර්පයා මිනිසෙකුට දෂ්ඨ කලහොත් ඒකාන්තයෙන්ම පැයක් ඇතුලත මියයන බව සදහන් වෙනවා. මේ සර්පයත් වාර්ථා වෙන්නෙ ඕස්ට්‍රේලියවෙන්.

3. Blue Krait (නිල් කරවලා)

image

විෂ අධිකම සර්පයන් අතර තෙවන ස්ථානයේ ඉන්නෙ මේ නිල් කරවලා තියෙන සර්පයා. අග්නිදිග ආසියාවේ රටවල් වලින් හා ඉන්දුනීසියාව වැනි රවලින් තමයි වාර්ථා වෙන්නෙ. මේ සර්පායාගේ දෂ්ට කිරීමක් මගින් බොහොවිට පැය 6 ක් වැනි කාලායක් ඇතුලත මියාම සිදුවෙනවා. ප්‍රතිකාර ලබා දුන්නත් දෂ්ට කිරීමට භාජනය වූ පුද්ගලයාගේ මොළයේ මරනය සිදුවේ.

2. Eastern Brown Snake

image

‍විෂ අධිකම සර්පයන් අතර දෙවන ස්ථානයේ ඉන්න මෙම සර්පවාගේ විසෙන් එකවර මිනිසුන් 50 දෙනෙක් වුවද මරනයට පත් විය හැකියි. ඉතාමත් අධික විසක් මෙම සර්පයා සතුයි. මෙම සර්පයාත් වර්ථා වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙන්.

1. Fierce Snake or Inland Taipan

image

ලොකයේ සිටින විස අධිකම සර්පයා වනේනෙ මේ Inland Taipan කියන සර්පයා වේ. මෙම සර්පයාගේ එක් දෂ්ඨ කිරීමක් මගින් 110mg ක විසක් නිකුත් වෙන අතර එම විෂ මිනිසුන් 100 ‍හෝ මීයන් 250,000 මරනයට පත් කිරීමට ප්‍රමානවත් වේ.

No comments:

Post a Comment